Friday, May 17, 2024

විශ්ව විද්‍යාල ගමිමානයක් ඉදි කිරීමට මහපොළ මුදල් යොදවා අක්කර 123ක ඉඩමක් මිලදී ගනියි

විශ්ව විද්‍යාල ගම්මානයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ මිල්ලෑව ප්‍රදේශයේ අක්කර 123 ක භූමිය මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලට පවරාගත් බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ 2020 සහ 2021 වසරවල ලබාගත් රුපියල් බිලියන 2ක ලාභයෙන් කොටසක් වැයකොට මෙම ඉඩම ලබාගත් බවයි.

එසේම මහපොළ පනත සංශෝධනයට පියවර ගන්නා බවද බන්දුල ගුණවර්ධන පවසා ඇත.

පසුගිය සමයේ මහපොළ අරමුදල ආශ්‍රිතව සිදුවූ වංචා රැසක් ගැන තොරතුරු අනාවරණය විය. එහි එකක් වුවේ මහපොළ අරමුදලේ මුදල් යොදවා මාලබේ තොරතුරු තාක්ෂණික ආයතනයේ ගොඩනැගිලි ඉදිකිරීමයි. එහෙත් එම ආයතනය රජයේ පාලනයෙන් ඉවත් කර ගැරන්ටී සමාගමකට පැවරීමේ ක්‍රියාවලියේදී සිදුවූ වංචාව නිසා මහපොළට වූ අලාභය රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles