Thursday, May 2, 2024

රටෙි ආර්ථික ගැටලු ගැන කතා කරන්න බැසිල් IMF සරණ පතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටේ පවත්නා ඩොලර් අර්බුදයට විසදුම් ලබා නොගන්නා බවට රජයේ ඇතැමුන් ප්‍රකාශ නිකුත් කළද ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සදහා අනුමැතිය හිමිව ඇති බව මුදල් ඇමතිවරයා පැවසීය.

ආණ්ඩු පාර්ශවය විසින් දිගින් දිගටම මෙරට ආර්ථික කඩාවැටීම වලක්වා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නොයන බව පැවසුවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සංවිධාන සමඟ සාකච්ජා කිරීමට සුදානම් බව පවසා තිබෙි.

කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පැවැත්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසුවේ ඒ සඳහා වන අනුමැතිය හිමිව ඇති බවය.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තමන්ට රහසිගත වාර්තාවක් ලබා දී ඇති බවත්, එහි ඇති කරුණු හෙළිදරව් කිරීමට තමන්ට නොහැකි බවත් මුදල් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළා.

මේ අතර ලෝක බැංකුවේ කලාපීය ප්‍රධානියා ඊයේ (03) දිනයේදී ජනාධිපතිවරයා සහ තමන් හමු වූ බව ද මුදල් ඇමැතිවරයා අනාවරණය කෙරුණා.

මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ජපානය වැනි රටවල් සමඟත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බවද ඔහු කීය.

ඒ, ඒ රටවල් සමඟ සහ මුල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරූ බවද වැඩිදසුරටත් පැවසීය.

එක් රටක් හෝ එක් ආයතනයක් සමඟ සාකච්ඡා කර සහන ලබාගැනීමේ වගකීම එක් ඇමතිරයකුට පැවරීමටත් සියළු වගකීම ඇමතිරුන් පිරිසකට ලබාදීමටත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තින්දු කළ බවද බැසිල් රාජපක්‍ෂ මහතා කීය.

අදාල රටවල් සමග සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරු බවත් එක් රටක් හෝ එක් ආයතනයක් සමග සාකච්ඡා කර සහන ලබා ගැනීමේ වගකීම එක් ඇමතිවරයෙකුට පැවරීමටත් සියලු වගකීම ඇමතිවරුන් පිරිසකට ලබා දීමටත් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදි තීන්දු කල බව ද අමාත්‍යවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles