ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද තවදුරටත් 30% කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 98ක් ලෙසයි.
රුසියානු – යුක්රේන සටන් ආරම්භවීමත් සමග ශීඝ්රයෙන ඉහළ ගිය බොරතෙල් මිල යළිත් පහත වැටී ඇති බව වාර්තා වේ.
පසුගිය සතිය තුළ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 139 දක්වා ඉහළ ගොස් තිබුණි.
ඒ මොහොතේ, විශ්ලේෂකයන් අනතුරු හගවා සිටියේ බොරතෙල් බැලරයක මිල ඇමරිකානු ඩොලර් 185 දක්වා ඉහළ යා හැකි බවයි.
නමුත් ඒ අනුමානයනය නිවැරදි වී නැත. ඊට ප්රතිපක්ෂව මේ වන විට නැවතත් ලෝක වෙළද පොලේ බොරතෙල් මිල පහත වැටීමට පටන්ගෙන තිබේ.
ඒ අනුව, ඊයේ දිනය වන විට බොරතෙල් බැලරයක මිල ඇමරිකානු ඩොලර් 99.5 ක මට්ටමක පැවතුණි.
රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමග, තෙල් නිෂ්පාදනය ඉහළ දමන ලෙස එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ සවුදි අරාබියෙන් ඉල්ලා සිටියේ ය. ඊට එකගව එම රටවල් තෙල් නිෂ්පාදනය ඉහළ දැමීම සහ එක්සත් ජනපදය ඔවුන් සතු ඉන්ධන සංචිත වෙළද පොළට නිකුත් කිරීම මෙසේ මිල පහත වැටීමට හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ එය ඩොලර් 100ට ආසන්නව පැවතියා.
යුක්රේන රුසියා අර්බුදය සම්බන්ධයෙන් සුබවාදී තත්ත්වයක් උද්ගත වීම මෙලෙස ලෝක වෙළදපොළේ තෙල් මිල අඩුවීමට හේතුවී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
තවද සති දෙකකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඊයේ (14) සියයට 8කින් පහත වැටිණි.
රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල වාර්තා ගත අයුරින් ඉහළ ගිය අතර එය මෙලෙස පහත වැටුණේ සති දෙකකට පසු ය.
රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා නැවත ආරම්භ වී තිබෙන රටවල් දෙක රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළැඹෙන සූදානම් පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය හේතුවෙන් ගෝලීය සැපයුම නැවත වරක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා පළ වී තිබේ.
බ්‍රෙන්ට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.64කින් එනම් සියයට 7.7කින් ඇමෙරිකානු ඩොලර් 104.03ක් දක්වා පහත වැටුණු අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් මිල ගණන්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.74කින් එනම් සියයට 8.0කින් ඇමෙරිකානු ඩොලර් 100.59ක් දක්වා පහත වැටිණි.
රුසියානු-යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව මේ දක්වා ගෙවුණු කාලයේදී බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් සියයට 34කින් ඉහළ ගොස් ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ගණන් 2020 වසරේ ජූනි මාසයෙන් දැඩි උච්ඡාවචනයට ලක්වූ දින 30 ලෙස ඉකුත් දින 30 දැක්විය හැකි ය.