බෝකුන්දර සන්සුන්… ටයර් ගිනිතබා ඉන්ධන ගෙන්වා ගනී!

0
527

ඉන්ධන නොලැබීම නිසා කොළඹ – හොරණ මාර්ගය බෝකුන්දර ප්‍රදේශයෙන් අවහිර කරමින් සිදුකරනු ලැබූ විරෝධතාවය මිට සුළු මොහොතකට පෙර නතර කිරීමට විරෝධතාකරුවන් විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ පොලිසිය විසින් මැදිහත්වී අදාළ ඉන්ධන පිරවුම්හලට අවශ්‍ය ඉන්ධන තොග රගත බවුසරයක් ගෙන්වා දීමට පියවර ගැනීමත් සමගයි.

මෙම ඉන්ධන පිරවුම්හල අසල අද උදෑසන සිට ඉන්ධන ලබා ගැනීමට රැඳී සිට ඇත. කෙසේ වුවද සවස 6.00 වන තෙක් ඉන්ධන නොලැබිම නිසා ඉන්ධන පිරවුම්හල වසා දැමීමට එහි සේවකයින් පියවර ගැනීම නිසා පාරිභෝගිකයින් නොසන්සුන්වි ඇත.

එහිදී ඇතැම් පුද්ගලයින් විසින් ඉන්ධන නිකුත් නොකිරීමට විරෝධය පා මාර්ගයේ ටයර් පුළුස්සා විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

පසුව පොලිසිය මැදිහත්වී එම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන බවුසරයක් ගෙන්වා ගැනීමෙන් අනතුරුව මේ වන විට විරෝධතාකරුවන් සිය විරෝධය අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් විසින්ම ඔවුන් පුළුස්සන ලද ටයර් නිවා දමා මාර්ගය නැවත වාහන ධාවනයට පත්කළ හැකි අයුරින් යථා තත්ත්වයට පත්කරනු ලැබූ බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here