Sunday, January 12, 2025

භාණ්ඩ හිඟයක් හෝ මිල වැඩිවීමක් සිදු වේවිද? වෙළඳ ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්

රජය විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623 ක් මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති බවට සාවද්‍ය ප්‍රකාශයක් ජනගත කිරීමේ උත්සහයක විපක්ෂය නිරත වන බවට වෙළද අමාත්‍ය බන්දුල ගූණවර්ධන මහතා චෝදනා කරනවා.

රජය එම භාණ්ඩ සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය මගින් අදාල භාණ්ඩ මෙරටට ගෙන්වීම නැවැත්වීම / සීමා කිරීම / බදු හෝ මිල ගණන් වැඩි කිරීමක් හෝ සිදු නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

අමාත්‍යවරයා ඒ පිළිබඳ වැඩි වැඩිදුරටත් කියා සිටියේ,

“රජය විසින් ආනයනය කරන භාන්ඩ 623ක ආනයනය තහනම් කර කල බවක් හැගවෙන මාද්‍ය මෙහෙයුමක් විපක්ශය විසින් ඉතාම වැරදි සහගත ලෙස මේ දිනවල සමාජගත කරන්න උත්සහ කරනවා
පසුගිය රජයේ වැරදි ආර්ථික කළමනාකරණය ප්‍රතිපත්තියත් පාස්කු ප්‍රහාරයත් කොවිඩ් 19 වසංගතයත් කියන හේතූන්වගේ සමුච්චිත ප්‍රතිඵලයක් වශයෙන්යෙ ඉතාමත් දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දීලා තියෙනවා.
තාම ඒ කිසිම භාණ්ඩයක් ලංකාවට අපනයනය කිරීම තහනම් කරල නෑ මම ඉතාම වගකීමෙන් කියනවා. මේ තුළින් මේ භාණ්ඩ වර්ග 623ක ආනයනය තහනම් කරල නෑ මේ භාණ්ඩ වර්ග වල මිල ඉහල යන්න හේතුවන කරුණක් මේ යෝජනා ක්‍රමය තුල නැ..”


Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles