මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස ජනතා අයිතියට පත් කෙරේ

0
348

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර ලෙස මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස මීට ටික වේලාවකට පෙර ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මීරිගම දීයි.

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මෙම කොටසේ මුලු දුර කිලෝමීටර් 40.91 ක්.

මං තීරු 04 ක් යටතේ ඉදිකළ මෙම මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන් මගින් මෙම මාර්ග කොටස ඉදිකර තිබීම විශේෂත්වයක්.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල මුදල් ගෙවීමේ කවුලු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05 ක් ඉදිකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here