මනුෂ CID යට

0
324

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් කර තිබෙනවා.

මේ බව සඳහන් කරමින් ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික අංශය විසින් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට මා වෙත දැනුම්දීමක් කර ඇත. එහෙත් කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන්, කවරාකාරයේ විමර්ෂණයක් සම්බන්ධයෙන් මා කැදවන්නේද යන්න සදහන් කර නැත.

විමර්ෂණ අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඔ්නෑම නීත්‍යානුකූල විමර්ෂණයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් මාගේ උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බව සිහිපත් කරමි. එහෙත් සිදුවන විමර්ෂණය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇත.

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමන් සමග සාකච්ඡුා කර තිසත් විජයගුණවර්ධන සහ ෆර්මාන් කාසිම් යන ජනාධිපති නීතීඥවරුන්ගේ නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here