Wednesday, November 20, 2024

මම පලාගොස් නෑ . තවදුරටත් සිටින්නේ අගනුවර තම ජනතාව සමගයි – යුක්‍රේන ජනාධිපති

තමා තවමත් කියුව් අගනුවර අතහැර පළාගොස් නොමැති බව යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.

තමන් සමඟ අගමැතිවරයා, ජනාධිපති උපදේශකවරයා සහ ජනාධිපති කාර්යාල ප්‍රධානීයාත් රැඳී සිටින බවයි විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

තමා සමග අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපති උපදේශකවරයාත්, ජනාධිපති කාර්යාල ප්‍රධානීයාත් රැඳී සිටින බව ප්‍රකාශ කරමින් එම විඩියෝව සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

තමන් යුක්‍රේන අගනුවර තම ජනතාව සමග තවදුරටත් රැඳී සිටින බව එම විඩියෝව මගින් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

අගනුවර තවදුරටත් රැක ගැනීම සඳහා ජනතාව සමග සටන් කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර, කියුව් නගරය තවදුරටත් රැක ගැනීම සඳහා සාමාන්‍ය වැසියන්ට ස්වංක්‍රීය ගිනි අවි ලබාදී ඇති බව ද සඳහන් වේ.

මේ අතර රුසියාව සමඟ සාම සාකච්ඡා පැවැත්විය හැකි වේලාවක් සහ ස්ථානයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි යුක්‍රේන ජනාධිපති සඳහන් කරන්නේ.

යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බව රුසියාව ඊයේ ප්‍රකාශ කළ අතර, ඒ සඳහා ස්ථාන කිහිපයක්ම යෝජනා වී තිබුණා.

කෙසේ වෙතත් මෙම සාම සාකච්ඡා සම්බන්ධයෙන් නිශ්චිත වේලාවක් සහ ස්ථානයක් දෙපාර්ශ්වයම විසින් තවමත් ප්‍රකාශ කර නොමැත.

මේ අතර යුක්‍රේන අගනුවර වන කියුව් නගරය සහ ඒ අවට තවදුරටත් දරුණු ගැටුම් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගනුවර ආසන්නයේ ඇති වැසිල්කියුව් නගරයේ රුසියානු හමුදා සහ යුක්‍රේන හමුදා අතර තවදුරටත් සටන් පවතින අතර කියුව් නගරයේ ස්ථාන බොහෝමයකින් පිපිරුම් හඬවල් රැසක් අසන්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ ප්‍රකාශයක් කරමින් පැවසුවේ යුරෝපය ඇතුළු බටහිර රටවල් තමාව තනි කර ඇති බවය.

සටන් විරාමයකට තවදුරටත් ආරාධනා කරන බව යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවෙන් ඉල්ලා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles