Friday, September 20, 2024

මව් ඇතින්නගෙන් අවු:5ට අඩු පැටවුන් වෙන් කිරීම තහනම් කරමින් ගැසට් පත්‍රයක්

හීලෑ අලීන්ගේ ආරක්ෂාව, ශුභසාධනය සහ ලියාපදිංචිය විධිමත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රයට අනුව, වයස අවුරුදු පහට වඩා අඩු අලි පැටවෙකු යම් වැඩක යෙදවීම හෝ මව් ඇතිනියගෙන් පැටවා වෙන් කිරීම සිදු නොකළ යුතුය.

එමෙන් ම ගර්භණී ඇතින්නියක, වයස අවුරුදු දෙකට වඩා අඩු පැටවෙකු සිටින ඇතින්නියක, මද කිපුණු අලියෙකු, වයස අවුරුදු 60 ඉක්ම වූ අලියෙකු සහ රෝගී තත්ත්වයේ සිටින අලියෙකු වැඩ හෝ වෙනත් ක්‍රියාකාරකම් සඳහා නොයෙදවිය යුතුය.

කෙසේවෙතත්, සහතිකලත් පශු වෛද්‍යවරයෙකු විසින් සුදුසු තත්ත්වයක සිටින බවට නිර්දේශ කළහොත් සංස්කෘතික සංදර්ශන සඳහා වයස අවුරුදු 60ට වැඩි අලි භාවිතා කළ හැකිය.

අලියෙකු පුහුණුකිරීම, පාලනය කිරීම හෝ රැකබලා ගැනීම සඳහා පිළිගත සාම්ප්‍රදායික මෙවලම් භාවිත කළ යුතු අතර වෙනත් තියුණු ආයුධ, ගින්දර හෝ නිර්වින්දන ඖෂධ භාවිත නොකළ යුතුය.

මේ අතර, හීලෑ අලි ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර ලබා ගන්නා සෑම කෙනෙකු ම ගැසට් පත්‍රයට අදාළ නියෝගවලට අනුව බලපත්‍ර ලබා ගත යුතුය.

අලියාගේ හිමිකරු මෙම නියෝගවල විධිවිධාන උල්ලංඝණය කළේ නම්, අලියා හිමිකරුගේ භාරයෙන් ඉවත් කිරීමට නිර්දේශ ලැබෙන අතර නව හිමිකරුවෙකු සොයා ගන්නාතුරු අලියා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles