Sunday, September 22, 2024

මව මරා අලි පැටවු ලබාගත් මිනීමරු හොරුන්ටම අලි පැටවු ටික දෙන්න – නීති විරෝධීව අලි පැටියා තියාගෙන හිටියේ ජනපතිද ?

කොටුව මහේස්ත්‍රාත්වරයාගේ විශ්මයජනක අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් අද 8 දින පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙසේ අනාවරණය කර සිටියා.

“පෙරේදා කොටුව මහේස්ත්‍රාත් වරයාගේ අධිකරණ නියෝගයක් ඇවිල්ල තියෙනව මව් ඇතින්න මරලා හොරකම් කරගෙන ආපු අලි පැටව් ටික ඒ මිනීමරු හොරුන්ට ම නැවත බාර දෙන්න කියලා.


 ඉතාම විශ්මයජනක තීන්දුවක් ඇවිල්ලා තියෙන්නෙ. තාම නඩුව තීන්දු කරලා අවසන් නෑ. ඒ නිසා මේ අය ළඟ බලපත්‍ර රහිතව අලි පැටව් හිටියේ කොහොමද කියන එක අවසානයට අනාවරණය වෙලා නෑ.
 අධිකරණ තීන්දුව දෙන්න කලින් අතුරු වරප්‍රසාදයක් ලෙස හම්බ වෙලා තියෙනවා වනජීවී නිලධාරීන්ගේ කිසිඳු අනුමැතියකින් තොරව වලංගු බලපත්‍රයකින් තොරව ගෙවල් වල අලියො තියාගෙන හිටපු අය දැන් එය අලි පැටව් ඔවුන්ටම නැවත හිමි වෙනවා.


 ඔක්කොම අලියයො 38 දෙනෙක්. මේ අලි පැටව් 38 දෙනාම බලපත්‍රයකින් තොරව කැලේට ගිහිල්ලා මව් ඇතින්න මරලා අම්මව මරල ගෙවල්වල තියාගෙන ඉඳලා. ඒ පැටවුන්ට වද දීලා ඒ පැටව් විජලනයට ලක්වෙලා තුවාල වෙලා තමයි හිටියෙ වනජීවී එකෙන් ගිහිල්ලා මේ සත්තුන්ව ගනිද්දී. මේ සිද්ධිය වුනේ 2013/ 2014 වගේ අවුරුදු වලදී .
 මේ අලි පැටවුන්ට අදාල නඩුවේ දී  අන්තිමට කියලා තියෙන්නෙ මෙතනින් දහතුන් දෙනෙක් අර මව් ඇතින්න මරපු මිනීමරුවන්ට අලි පැටවුන් හොරකම් කරගෙන ආපු හොරුන්ට වලංගු බලපත්‍රයකින් තොරව රටේ නීතියට පටහැනිව ගෙවල් වල අලියො තියාගෙන පන්සල්වල අලියො තියාගෙන හිටපු අයට මේ අලි පැටව් නැවත බාර දෙන්න කියලා.


 හරි අපි හිතමු මේ මූලිකව දාලා ඉන්න දහතුන් දෙනා නඩුවට අදාළ අය කියලා. නඩුවට කිසිම අදාලත්වයක් නැති අලියකු ත් නැවත අයිතිකාරයාට බාර දෙන්න කියලා තීන්දුවේ තියෙනවා.
 14 වෙනි අලිපැටියා විදිහට තියෙනවා සන්නසක් මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පින්නවල අලි අනාථාගාරයට බාර දුන්න අලි පැටියෙක්ව ඒ අලි පැටියාගේ අයිතිකාරයා කියලා  සඳහන් වෙලා නමක් තියෙනවා N.G රාජපක්ෂ ලිපිනය විදියට තියෙන්නේ 26a පැඟිරිවත්ත මාවත ඇඹුල්දෙණිය. කවුද මේ පැඟිරිවත්ත මාවත ඇවිදිනකොට අපි නම් දන්නෙ 26a කියන නිවස ජනාධිපතිතුමාගේ නිවස කියලා. N.G රාජපක්ෂ කියන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ  ද නීතිවිරෝධීව අලි පැටියෙක් තියා ගෙන ඉදලා තියෙන්නේ ජනාධිපතිවරයාද.?
 දැන් මේ නඩුවට අදාළ නොවන සන්නසකින් භාරදුන් අලි පැටියෙක් ඒ සතාව නැවත N.G රාජපක්ෂට බාර දෙන්න කියලා නඩුවෙන් නම නැති එකක්‌ කොහොමද මේ තීරණය ගත්තේ.


 පෙරේදා හවස ඒ තීන්දුව දෙන්නේ අද උදෑසන භික්ෂූන් වහන්සේ නමක් ගිහිල්ලා තියෙනවා පින්නවල අලි අනාථාගාරයට අර N.G රාජපක්ෂ මහත්තයට අයත් අලි පැටියා ව අරගෙන එන්න 

අම්මව මරල අලිපැටියා හොර කම් කරපු කෙනාට කිසිදු දඬුවමක් නොදී අලිපැටියො බලාගන්න කියලා එයාටම බාරදෙනවා. නරියාට කුකුල් කොටුව බාර දුන්නා වගේ. එතන එක අලියෙක් ඉන්නවා වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ ඉඳිද්දී පැටියෙක් හම්බ වෙලා තියෙනවා. අවසානයේ දී මේ ජාවාරම් කාරයෝ  උත්සාහ කරන්නේ අම්මවයි පැටිය වයි දෙන්නාම අරගෙන යන්න .
 මේක හරියට තරුණියක් ලිංගික බලහත්කාරකමට ලක් කරලා ඇය ගැබ් ගත්තට පස්සේ ඇගෙන් උපදින දරුවා වත් ලිංගික බලහත්කාරකම් කරන්න අදාල දූෂකයාට භාර දෙන විදිය තීන්දුවක්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles