මස් වැද්දා පොලීසියට බාරවෙයි..

0
503

සාද්ශරාෆ් නමැති පුද්ගලයා පසුගිය කාලයේ දැඩු කතා බහට ලක්වුණා. ඒ, දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කළ බවට චෝදනා එල්ල වූ නිසායි.

අද පෙරවරුවේ ඔහු නීතිඥවරයෙකු සමග පැමිණ පන්විල පොලීසියට භාර වී ඇති බව වාර්තා වෙනවා. ඔහු සතුව තිබූ පිස්තෝලයක් සහ වායුපීඩන තුවක්කුවක්ද පොලීසියට භාරදී ඇත.

මොහුට චෝදනා එල්ල වී තිබුණේ, නකල්ස් රක්‍ෂිතයේ වෙසෙන දුර්ලභ ගණයේ වනසතුන් දඩයම් කිරීමයි. එලෙස මරා දමන ලද වනසතුනගේ ඡායාරූපද ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබීමද ඔහුගේ විස්තර හෙළිවීමට පිටුවහලක් විය. තවත් තිදෙනෙක් ඔහු සමහ පොලීසියට භාර වී ඇත. දැනට අත්අඩංගුවට ගෙන සිටින මුළු සැකකරුවන් සංඛ්‍යාව 5කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here