Sunday, May 19, 2024

සතොසේ, සීනි විකුණන අලුත් නීතිය

සමුපකාර තොග සංස්ථාව නොහොත් සතොස, නවතම කොන්දේසියක් පනවා ඇත. ඒ, රුපියල් 87 කට සීනි කිලෝ එකක් ලබා ගැනීම සඳහා රුපියල් 1000ක් වටිනා භාණ්ඩ මිලදී ගත යුතු බවයි.

බදුල්ල ප‍්‍රදේශයේ දී කොන්දේසිය රුපියල් 500 ක් ලෙස පහත දමා ඇති නමුත්, දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල දී සීනි කිලෝවක් වෙනුවෙන් රුපියල් 1000 භාණ්ඩ මිලදී ගැනීමේ කොන්දේසිය බල පැවත්වෙනවා.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පනතේ 16 වන වගන්තිය කඩ කිරීමක් ද වන මෙය නිසා පාරිභෝගික ජනතාව සිය බලවත් කනස්සල්ල පළ කර සිටිනවා.

රාජ්‍ය ආයතනයක් ලෙස සතොස කරන මෙම කොන්දේසි පැනවීම පුදුම සහගත කරුණකි. ”ගැනුම්කරු විසින් ඒ භාණ්ඩයේ මිල නොපමාව ගෙවිය යුතුය යන කොන්දේසියේ දී හැර යම් භාණ්ඩයක් මිලට ගැනීම හෝ යම් සේවාවක් වෙනුවෙන් යම් ගෙවීමක් කිරීමේ කොන්දේසියකට හෝ වෙනත් යම් කොන්දේසියකට හෝ යටත්ව ඒ භාණ්ඩය විකිණීම සඳහා ඉදිරිපත් කිරීම නොකළ යුතුය” ලෙස 16ය වැනි වගන්තියේ දක්වා ඇත.

සාමාන්‍ය වෙළෙඳපොළේ මේ වන විට සීනි කිලෝව 120ක් පමණ වෙනවා. අඩු මිලට සීනි අලෙවි කරනු ලබන්නේ සතොස පමණයි. දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින සමුපකාර තොග වෙළෙද සංස්ථාව තමන් සතු අඩු මිලට ඇති සීනි හරහා සිය අලෙවිසල්වල භාණ්ඩ අලෙවිය වර්ධනය කර ගැනීමටද මේ උත්සාහා කරන්නේ? වගකිවයුතු නිලධාරීන්ගෙන් මේ පිළිබඳව මාධ්‍ය විමසීමක් කිරීමට උත්සාහ කර ඇති නමුත්, එය සාර්ථක වී නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles