Saturday, September 21, 2024

මහනුවර සිට ඇල්ල දක්වා විශේෂ සංචාරක දුම්රියක් ධාවනයට එක් කෙරේ

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අපේක්ෂාවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා නව දුම්රියක් ඊයේ දින (05) සිට ධාවනයට එක් කිරීම ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භවිය.

දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ධාවනයට එක්වූ මෙම දුම්රිය දියඇලි, කදු පන්ති, බිංගෙවල් හා විශේෂ පාලම් සහිත ප්‍රදේශවල නතර කොට සංචාරයක්ට එම ස්ථාන දැක බලා ගැනීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල, ග්‍රේට්වස්ටර්න් දුම්රිය ස්ථානය, එල්ජින් දිය ඇල්ල, පට්ටියපොල ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය, දෙමෝදර ආරුක්කු පාලම යන ස්ථානවල මෙම දුම්රය සංචාරකයන් වෙනුවෙන් මිනිත්තු දහයක පමණ කාලයක් නතර කිරීමට ද නියමිතය.

මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07.00ට දිනපතා පිටත් වන සංචාරක දුම්රිය පස්වරු 2.20ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළගා වීමට නියමිතය.
පස්වරු 3.40ට යළි දෙමෝදරින් පිටත්වන දුම්රිය රාත්‍රී 09.35ට මහනුවර දුම්රිය ස්ථානය වෙත ළගාවේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්තේ සිට යාපනය දක්වා රාත්‍රී සීඝ්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10 ට වැල්ලවත්තෙන් ගමන් අරඹා සෙනසුරාදා උදෑසන 5ට යාපනයට ළඟාවීමට නියමිත අතර අදාළ දුම්රිය නැවත කොළඹට පැමිණෙන්නේ සඳුදා දින පෙරවරු 5ට.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles