මහා භාණ්ඩාගාරයේ බදු හා වැට් එක් රැස් කිරීමේ විශේෂ ඒකකයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති එකමුතුවෙි විරුද්ධත්වය

0
281

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද සහ වැට් එක්රැස් කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ විශේෂ ඒකකයක් පිහිටුවීමට මෙවර අයවැයෙන් යෝජිත වී ඇති අතර එම යෝජනාවට සුරාබදු වෘත්තීය සමිති එකමුතුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය විරෝධය පළ කර ඇත

සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 07 ක බදු එක්රැස් කිරීම මෙම විශේෂ ඒකකයට පැවරේ.

සුරාබදු වෘත්තීය සමිති එකමුතුවේ සම ලේකම් නිරෝෂ් ජයකොඩි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අදාළ ඒකකය පිහිටුවීම සහ එහි බදු එක්රැස් කිරීම සම්බන්ධ ක්‍රියාවලිය විධිමත් නොවන බවයි.

මෙම විශේෂ ඒකකය භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙකුගේ අධීක්ෂණය යටතේ කටයුතු කරනු ඇති අතර බදු එක්රැස්කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් යෙදවීමට නියමිතයි.

ඒ අනුව සුරාබදු, රේගු, ගුවන් තොටුපල සහ වරාය බදු එක්රැස් කිරීමේ ක්‍රියාවලියේද වෙනස්කම් සිදු විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here