Monday, January 13, 2025

“මහින්ද, බැසිල්, ගෝඨා මේ ත්‍රිමූර්තියම අසමත්” – අනුර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවකදී (29) දින පළකළ අදහසකි.

”…මීට පෙර කිව්වා මෙරට ආසියාවේ ආශ්චර්ය බවට පත්කළ හැකිවන්නේ මහින්ද රාජපක්ෂට. ඊට පස්සේ කියන්න පටන් ගත්තා මහින්ද රාජපක්ෂට බෑ මේ රට සෞභාග්‍ය කරා ගෙන යා හැකිවන්නේ කාටද? ඒ වෙලාවේ සමහර තැන්වල මට මතකයි වාර්තා කළා නිකන් කසු කුසුවක් ගියා ගෝඨාභයට වැඩ කරන්න දෙන්නෙත් නෑ මහින්ද කියලා. දැන් මොකද කියන්නේ. මේ රටේ අනාගතේ නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ බැසිල් රාජපක්ෂයටලු. හැබැයි ඒක කියන කොටම ඒකෙන් පිළිගන්නවා මොකද්ද එහෙනම් ගෝඨාභය හා මහින්ද අසාර්ථකයි. බැසිල් රාජපක්ෂත් ඔය තව ටික දවසක් ගියාපුවාම කියයි මේකට වෙන රාජපක්ෂ දරුවෙක්වත් මේකට ගේන්න ඕනේ කියලා. තනි තනි පුද්ගලයින් විදියට ගොඩගන්න පුළුවන් මැජික් කාරයෙක්වත් ඉන්ද්‍රජාලයෙක්වත් ගෙනල්ලා ගොඩ ගන්න පුළුවන් වාගේ මතයක් තමයි හදන්නේ. දැන් හරි මේ ආණ්ඩුවේ මේ වෙනකන් බැසිල් රාජපක්ෂ කවුද? අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර තමන්ගේ දරුවන් එක්ක තමන්ගේ මුණුපුරන් එක්ක සතුටු සාමිච්චියේ යෙදෙමින් හිටියේ. දැන් මේ තමන්ගේ රටේ අර්බුදය දැකලා ඒක බේරා ගැනීම සඳහා ඉක්මණින් එන්න ඕනේ කියලා ආපු කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩනගපු දවසේ ඉඳන් මේ ආණ්ඩුවේ ප්‍රධාන මෙහෙයුම් කරේ බැසිල් රාජපක්ෂ. උදාහරණයක් විදියට ගත්තොත් 2020 අප්‍රේල් මාසේ බැසිල් රාජපක්ෂ පත්කළා ආර්ථික පුනර්ජීවනය හා දිළිඳුකම පිටු දැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකායට. එහෙනම් ජනතාව මුහුණ දීලා තියෙන ආර්ථික ගැටලුවලට වගකියන්න ඕනේ බැසිල් රාජපක්ෂ. ඊළඟට පටන් ගත්තා කොවිඩ් වසංගතය ආවට පස්සේ අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව මෙහෙයවීමේ සම්බන්ධීකරණ හා පසුවිපරම් කිරීමේ ජනාධිපතිතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා බැසිල් රාජපක්ෂ. කොවිඩ් වසංගතය උස්සන්න වෙනකොට රටෙත් නෑ. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්වල. එතකොට එහෙමනම් කොවිඩ් වසංගතයට අනුව අත්‍යවශය සේවා සම්පූර්ණ වුණා ද? ජනතාවගේ මූලික උවමනාවන්ට උත්තර හොයන්න සමත් වුණා ද? නෑ. එහෙනම් ඒකත් අසාර්ථකයි. ඊට පස්සේ පත් කරා අලුත් කාර්ය සාධක බලකායක් දේශගුණික විපර්යාසයට තිරසාර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීම හා කාර්ය සාධක බලකාය. ඒකෙන් තමයි ඔය කාබනික පොහොර කතාව යන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ. අද ගොවි ජනතාව රට හැම තැනම පාරට බැහැලා. බැසිල් රාජපක්ෂ ලංකාවේ හිටියෙත් නෑ ඒ වෙලාවේ. බැසිල් රාජපක්ෂ කියන්නේ මේ අමුතු ජීවියෙක් නෙවෙයි. එක පාර වෙනත් ග්‍රහලෝකයකින් ඇවිල්ලා රටේ ප්‍රශ්න දැකලා මේ ප්‍රශ්න විසදීම සඳහා විශාල ඥානයක් සහිතව මැදිහත්වීම සඳහා විවිධ ඉන්ද්‍රජාලිකයෙක් ලෙස පාත් වෙන කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ගොඩ නගපු දවසේ සිට මේ ආණ්ඩුවේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙක්. ඔබට මතක ඇති එක නාලිකාවකට ගිහිල්ලා බැසිල් රාජපක්ෂ කිව්වේ මොකද්ද? යුක්රේන සංචාරකයින් අපි ගෙන්නේ කොවිඩ් යුක්රේන සංචාරකයින් හරහා පැතිරෙනවාද? කියලා පරීක්ෂා කරන්න. අපේ රටේ පුරවැසියෙක් පරීක්ෂණාගාරේක මිනිස්සු බවට පත් කරගෙන. බැසිල් රාජපක්ෂ පරීක්ෂණය සමත්ද? ඔව් සමත් මොන පැත්තද? ඇති තරමට නේද ලංකාවේ නොතිබුණු තරමට වර්ගවල ප්‍රභේද පවා යුක්රේනය හරහා ලංකාවට ආවා. ඒ හින්දා මේ අසාර්ථකත්වයේ ප්‍රධානතම කාර්ය භාරයක් ගෝඨාභයට වාගේම බැසිල් රාජපක්ෂටත් පැවරෙනවා. ඇත්ත ගත්තොත් මොකද්ද දන්නවාද? මේ ත්‍රිමූර්තියම අසමත්. කවුද මහින්ද, බැසිල්, ගෝඨා. ඒ ත්‍රිමූර්තියට තව අල්ලන කට්ටිය ඉන්නවා පස්සට වෙලා කවුද චමල් රාජපක්ෂ එතනින් ගියාම නාමල් රාජපක්ෂ ශෂේන්ද්‍ර රාජපක්ෂ නංගිගේ පුතා නිපුණ රණවක මේ මේ පවුලක්. ඒ නිසා බැසිල් පාර්ලිමේන්තුවේ ඉන්නවාද? බැසිල් ගෙදර ඉන්නවාද? බැසිල් ලොස් ඇන්ජලීස්වල ඉන්නවාද? එහෙම නැත්තම් බැසිල් දරු මුණුපුරන් එක්ක දරු සුරතල් බලමින් ඉන්නවාද? ඒ කිසවක් අපිට අදාල නෑ. මොකද මේ අර්බුදයේ නිමවුම්කරුවන් සහ මේ අර්බුදයේ ත්‍රීවුරකරුවන් ඔවුන් නිසා…”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles