මහින්ද හෙට ජනාධිපති කොමිසමට-සැලලිහිණියට මුදල් වංචා කරලා

0
372

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට(16) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.

රූපවාහිනි සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය  හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව  ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.

2015 වසරේ ජනාධිපතිවරණය සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හරහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ දැන්වීම් විකාශනයේ දී  රූපවාහිනි සංස්ථාවට සිදුවු බව කියන මුල්‍ය හානියට අදාළව එම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව සඳහන්වේ.

ඒ අනුව හෙට පෙරවරු 10.00ට බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දීමක් සිදුකර ඇති බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here