Monday, May 20, 2024

ලංකාවේ රත්‍රං කිලෝ 16 ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට විශ්වාස කෙරෙන රත්‍රං කිලෝග්‍රෑම් 16.32 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් වෙරළාසන්නයේදී ඊයේ රාත්‍රියේ මෙම රත්‍රං අත්අඩංගුවට ගත් බව සදහන්.

මෙම රන් තොගය රාමනාදපුරම් – තොන්ඩි වෙරළ ප්‍රදේශයේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ එහි රියදුරු පොලිස් භාරයට ගනු ලැබූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles