මහ බැංකුවෙන් අති විශේෂ ගැසට් නිවෙිදනයක් !

0
302

අපනයන ඉපැයිම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අපනයන ඉපැයීම් දින 180ක් ඇතුළත ශ්‍රී ලංකාවට එවිය යුතු බවය.

එම ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවට අපනයන ආදායම ලැබීම සහ එම අපනයන ආදායම රුපියල් බවට පත් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.

එම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසිනි.

ශ්‍රී ලංකාවෙන් පිටත, නැව්ගත කළ හෝ සේවා සැපයීමේ දින සිට දින 180 ඇතුළත එහි ආදායම් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම අනිවාර්ය බව මෙම නිවේදනයේ දැක්වෙනවා.

අදාළ සියලු අපනයන ඉපැයීම් ලද විගස, එම ඉපැයීම්වලට අදාළ සියලු ලේඛන ගත සාක්ෂි, අදාළ ඉපැයීම් මුදල් ලැබෙන බලපත්‍රලාභී බැංකුවලට ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කළ යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here