Friday, May 17, 2024

ඉන්දියාවෙන් පාකිස්තානයට අත්වැරදීමකින් මිසයිලයක් යවයි

වැරදීමකින්, පාකිස්තානය දෙසට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.

එය තාක්ෂණික දෝෂයක් නිසා සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් බවත්, ඒ ගැන දැඩි ලෙස කනගාටුවන බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පාකිස්තානයට දන්වා ඇත.

මෙම ‘අත්වැරදීම’ සිදුවී ඇත්තේ පසුගිය මාර්තු 9 වැනිදාය. ඒ, මිසයිල පද්ධති අලුත්වැඩියා කරද්දී සිදුවුණු තාක්ෂණික දෝෂයක් නිසා බව ද ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විදිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබේ. මිසයිල ප්‍රහාරයෙන් පාකිස්තානයේ කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. දේපොල හානියක් ද සිදුවී නැත.

පාකිස්තාන හමුදාව පවසන පරිදි මිසයිලය පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී කිලෝ මීටර් 100 ක දුරක් ගමන් කර තිබේ. ඒ, අඩි 40,000 ක් ඉහළින් ශබ්දයට වඩා තුන් ගුණයක වේගයකිනි. මිසයිලයට කිසිදු යුද ශීර්ෂයක් (පුපුරන ද්‍රව්‍ය) සම්බන්ධ කර නොතිබුණු බව ද පැවසෙයි.

කාර්මික දෝෂයක් හේතුවෙන් පාකිස්ථානය වෙත මිසයිලයක් එල්ල වී ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අදාළ මිසයිලය සම්බන්ධයෙන් පාකිස්ථානය හෙළිකළ තොරතුරු පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය පැහැදිළි කරමින්.

ඒ පිළිබඳව ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පවත්වන බවයි ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ.

එම සිදුවීම බරපතළ තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන බව ද ඔවුන් සඳහන් කරනවා.

කෙසේ වෙතත් පාකිස්තානය සඳහන් කරන්නේ මෙවැනි නොසැලකිලිමත් කටයුතුවලින් සිදුවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව ඉන්දියාව අවධානයෙන් කටයුතු කළයුතු බවයි.

පසුගිය 9 වනදා මෙම මිසයිලය පාකිස්තානයේ නැගෙනහිර චන්නු නගරය ආසන්නයේ කඩාවැටී තිබූ අතර, ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ.

මිසයිල ප්‍රහාරයක අවියක් අලුත්වැඩියා කරමින් තිබූ අවස්ථාවක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම මිසයිලය නිකුත්වී ඇති බව ඉන්දීය බලධාරීන් පැවසීය..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles