මහ බැංකු අධිපතිගේ පත්වීම පිළිගන්නවා – දිනේෂ් ගුණවර්ධන

0
327

ශ්‍රීලංකා මහ බැංකුවට නව අධිපතිවරයෙකු ලෙස නම් කළ  ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පත්වීම පිළි ගන්නා බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව අනාවරණය කරයි.

අත්දැකීම් බහුල එම ප්‍රවීණ නිලධාරියා මහබැංකුවේ විශ්වාසය තහවුරු කරමින් කටයුතු කරනු ඇතැයි ද එම සටහනේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here