Tuesday, May 7, 2024

ගාලු පාරේ කොටසක් අද (02) රෑ වැසෙයි..

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව ප්‍රදේශයෙන් එක් මංතීරුවක් අද රාත්‍රියේ පැය කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසයි.

වාද්දුව, සමුද්‍රාරාම විහාරස්ථානයේ වාර්ෂික පොසොන් මහා පෙරහැර වීදී සංචාරය කිරීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් වසා තබන බව පොලිසිය පැවසුවේය.

ඒ අනුව රාත්‍රී 09.00 සිට මධ්‍යම රාත්‍රීය දක්වා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමනා ගමනය සීමා කිරීමට නියමිතය.

මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන වාහනවලට පානදුර වටරවුමෙන් හොරණ මාර්ගයේ බණ්ඩාරගම දක්වා ගමන් කර බණ්ඩාරගම – කළුතර මාර්ගය ඔස්සේ වාඩියමංකඩ හන්දියෙන් ගාලු පාරට පිවිසිය හැකි බව පොලිසිය දැනුම්දෙයි.

එමෙන්ම ගාල්ල සිට කොළඹ දෙසට ගමන් කරන වාහන වාඩියමංකඩ හන්දියෙන් හරවා බණ්ඩාරගම නගරය හරහා පානදුර දෙසට ගමන් කර පානදුර නගරයෙන් ගාලු පාරට පිවිසිය හැකි බව ද පොලිසිය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles