Sunday, September 22, 2024

“මාගේ ආශිර්වාදය ඔබටයි” – පාප් වහන්සේ යුක්‍රේන ජනපති අමතා කියයි

පසුගියදා ශු. පාප් වහන්සේ යුක්‍රේන ජනපති සමග දුරකථන සංවාදයක් පවත්වා ඇත.

උන්වහන්සේ පවසා ඇත්තේ,සාමය උදා කර ගැනීම සඳහා රුසියාවෙන් සටන් විරාමයක් ඉල්ලා සිටීම මා අගය කරනවා. ඔබේ රට ගැනත් මේ යුද්ධය ගැනත් මා පසුවන්නේ දැඩි කණස්සල්ලෙන්.මාගේත් දේව ආශිර්වාදයත් ඔබට හිමිවන බව කිවයුතුයි. ඔබේ රටේ සියළුම රට වැසියන්ටත් මාගේ ආශිර්වාදය පළ කරන අතර ඔබ වෙනුවෙන් විශේෂ යාඥාවක් සිදු කරන බවත් දන්වමි”යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

“යුක්රේනයේ සාමය සහ සටන් විරාමයක් සඳහා යාඥා කිරීම ගැන ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ස්තුතිවන්ත වෙමු. යුක්රේනියානු ජනතාවට උන්වහන්සේගේ ශුද්ධෝත්තම තුමාගේ අධ්‍යාත්මික සහයෝගය දැනේ.” යනුවෙන් යුක්‍රේන ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කොට ඇත.

පාප් වහන්සේ වොලොදිමීර් සෙලෙන්ස්කි වෙත කළ ඇමතුම වතිකානුව තහවුරු කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles