Saturday, September 21, 2024

මාතලේ පොලීසියට පරිසර නීතිය උගන්වයි

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ හෝ 1988 අංක 56 සංශෝධිත පනතින්  හෝ 2000 අංක 53 හා 47 සංශෝධිත පනත්වලින්  පරිසර නීති ක්‍රියාත්මක කිරිම සදහා පොලිසියට බලය පැවරි නැති නමුත් පොලිස් ආඥා පනතේ විධිවිධාන අණ පනත්වල තිබෙන නීතිමය ඉඩ ප්‍රස්ථා භාවිතා කරමින් මහජන පීඩාකාරි පරිසර ප්‍රශ්න හමුවේ නීතිය ක්‍රියාත්මක කිරිමට පොලිසියට කටයුතු කරන බව මාතලේ ප්‍රධාන පොලිස් පරික්ෂක නවරත්න බණ්ඩා මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ  2016 ජගත් පරිසර දිනයට සමගාමීව පාරිසරික නීතිය පිළිබදව මාතලේ පොලිස් නිලධාරින් දැනුවත් කිරිම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති වැඩමුළුවකට එක් වූ අවස්ථාවේ දීය.
පොලිස් පරිසර ඒකක ක්‍රියාත්මක වන්නේ පොලිස්පතිවරයා නිකුත් කරන ලද චක්‍ර ලේඛයකට අනුව බවත් දැනට තිබෙන දණ්ඩ නීති සංග්‍රහ, පොලිස් ආඥා පනත හා භූ විද්‍යා කැනීම පිළිබද පනත වැනි විවිධ පනත්වලින් ලැබෙන ප්‍රතිපාදන අනුව පරිසර ගැටළු සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන බවත් නවරත්න බණ්ඩා මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මහවැලි හා පරිසර අමාත්‍යාංශය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වැඩමුළුව සංවිධානය කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles