Friday, September 20, 2024

මාමා ලේලියට අතවර කරලා

මරණීය තර්ජන කර, බලහත්කාරයෙන් තරුණියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු පෙරේදා (03 දා* අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි.
 
 මෙසේ අතවරයට ලක්ව ඇත්තේ 18 වියැති තරුණියකි. අත්අඩංගුවට ගත් සැකකරු අපයෝජනයට ලක්වූ තරුණියගේ නැන්දම්මාගේ දෙවැනි කසාදයේ සැමියා බවද පොලිසිය පවසයි. මෙකී තරුණිය විවාහ නොවී තම සැමියා සමග එකට ජිවත් වන බවද පොලිසිය කියයි. මොවුන් පදිංචි නිවසේ සැමියාගේ මවගේ දෙවැනි කසාදයේ සැමියා හා දරුවන් ද පදිංචිව සිට ඇත.
 
 මේ අතර තරුණියගේ නැන්දා විදේශීය රැුකියාවක් සඳහා ඩුබායි රටට ගොස් ඇත. තරුණියගේ සැමියා ද කොළඹ නගරයේ රැුකියාවකට
 
 ගොස් තිබේ. ඒ අතර සැකකරු මෙකී තරුණියගේ කාමරයට පැමිණ ඇයට මරණීය තර්ජන කර බලහත්කාරයෙන් අපයෝජනය කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
 
 කාලයක් තිස්සේ තරුණිය මේ අයුරින් අතවරයට ලක්ව ඇත. පසුව තරුණිය මේ පිළිබඳ තම සැමියාගේ නැගණියට පවසා ඇත. ඇය තම සහෝදරයාට මේ බව පැවසීමෙන් පසු තරුණිය විසින් මේ පිළිබඳ රත්ගම පොලිසියට පැමිණිලිකොට ඇත.
 
 සැකකරු කටුදම්පේ, මහවෙල ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
 
 රත්ගම පොලිස් ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ප‍්‍රභාත් විතාන මහතාගේ උපදෙස් මත පො.ප. හෙට්ටිආරච්චි මහතා සහ කා.උ.පො. පරීක්‍ෂිකා ගයනි යන නිලධාරිනිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. divaina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles