Thursday, January 16, 2025

මාර බණ වදන මාගල්කන්දේ සුදත්ත හිමි ගේ අලුත්ම වර්ෂන් එක මෙන්න

අගමැතිවරයාට හෝ ආණ්ඩුවේ ප්‍රධානීන්ට විදෙස් රටවල්වලට ගොස් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම සඳහා කාදිනල්වරයාගේ අවසර ගැනීමට අවශ්‍ය නොවන බව මාගල්කන්දේ සුදත්ත හිමි පවසනවා. අගමැතිවරයාගේ ඉතාලි සංචාරය සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකළ විවේචනය පිළිබඳව අදහස් දක්වමින් සුදත්ත හිමි මේ බව ප්‍රකාශ කරයි.

මෙවැනි ප්‍රකාශ සිදු කිරීම හරහා කාදිනල්වරයා පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන බවද සුදත්ත හිමි පවසයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙමින් තිබියදී, සැකකරුවන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබියදී කාදිනල්වරයා සිදු කරන මේ දේශපාලන විගඩම් වහාම නතර කළයුතු බවද සුදත්ත හිමි පෙන්වා දෙනවා.

සහරාගේ පිටුපස තිබෙන්නේ ඉස්ලාම් ආගමේ උන්මත්තක ඉගැන්වීම් මිස ඔහු පිටුපම වෙනත් නායකයෙකු නොමැති බවද මාගල්කන්දේ සුදත්ත හිමි පෙන්වා දෙනවා.

රටතුළ විසඳා ගත යුතු ප්‍රශ්න විවිධ අරමුණු වෙනුවෙන් ජාත්‍යන්තරය වෙත රැගෙන යාමට කාදිනල්වරයා කටයුතු කරන්නේ නම්, රටට එරෙහිව ගතු කීමට කටයුතු කරන්නේ නම් ‘කාදිනල් සමානය ආර්. සම්බන්ධන්, කාදිනල් සමානයි විග්නේෂ්වරන්, කතෝලික සභාව සමානයි දෙමළ සන්ධානය’ සේ සලකා කටයුතු කිරීමට සිදුවන බවද සුදත්ත හිමි අවධාරණය කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles