මාස හතක දිගු නිහැඩියාවකින් අනතුරුව ලොව සුපිරි බලවතුන් දෙදෙනා ප්‍රථම වරට නිල සාකච්ඡා අද ආරම්භ කළා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් මාස හතකට පසු චීනය සමග අද නිල සාකච්ඡාවකට එක්වූ බව ධවල මන්දිරය නිවේදනය කළා. සාකච්ඡාව දුරකතන මාර්ගයෙන් පැවති බවයි සදහන් වන්නේ. කොවිඩ් වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් දෙරට අතර මතගැටුම් උග්‍රව ඇති පසුබිමක දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡා ආරම්භවීම විශේෂත්වයක්.
ලෝකය මුහුණපා ඇති ආර්ථික අර්බුදය දේශගුණික විපර්යාස සහ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ කරුණු පිළිබද පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාව පැවැත්වූ බවයි ඇමරිකා නිල ආරංචි මාර්ග පවසන්නේ.
ITN News