Saturday, December 28, 2024

මැති ඇමැතිවරු අටක් නිරෝධායනයේ

මැති ඇමතිවරු අටදෙනෙක් නිරෝධායනයට යොමුවී සිටිති.

මෙසේ නිරෝධායනයට යොමු වී සිටින්නේ ඇමතිවරුන්වන චමල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන , රාජ්‍ය ඇමැතිවරුන් වන ලොහාන් රත්වත්තේ, ඩී.වී චානක , මන්ත්‍රීවරුන්වන එස් බී දිසානායක ,අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග සහ ඩයනා ගමගේ යන අයයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යන මහත්වරුන්ට කොරෝනා ආසාදනයවීම නිසා මෙසේ නිරෝධායනයට යොමුවී සිටිති.

සෙසු මැති ඇමැතිවරුන් නිරෝධායනයට යොමුවී සිටින්නේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්වීම නිසාය.

තමාගේ රියැදුරකුට කොවිඩ් ආසාදනය වීම නිසා නිරෝධායනයට යොමුවූ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ නිවසේ සේවකයකුට කොරෝනා ආසාදනය වීම නිසා තමා ද නිරෝධායනයට යොමුවූ බවයි.

මෙම මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයේදී ඡන්දය පාවිච්චි කිරීමටද මේ හේතුවෙන් සහභාගී වුණේ නෑ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles