මැයි දින සැමරුම් අඩුවක්… පාලක පක්ෂයට රැළියක්වත් නෑ!

0
498

රජයට එරෙහිව ජනතාව පාරට බැස ඇති මොහොතක, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර පක්ෂයක් ලෙස මැයි දින සැමරුමක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ඒකාබද්ධව නුගේගොඩදී මැයි රැලියක් පැවැත්වීම නියමිත බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

ඒ සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සහභාගීවිමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති ඇතුළු සංවිධාන රැසක් අද මැයි රැළි සහ පෙළපාලි සංවිධාන කර තිබෙනවා. ඒ අතරින් මැයි දින පෙළපාලි සහ රැළි කිහිපයක් අද පෙරවරුවේ ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ වුණේ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මැයි දින සැමරුම එම පක්ෂ මූලස්ථානයේදී මේවනවිට පැවැත්වෙනවා. 

ජනතා විමුක්ති පෙරමුණ කොළඹ, මාතර, අනුරාධපුර සහ යාපනය යන නගරවලදී මැයි දින සැමරුම් සංවිධාන කර තිබෙනවා. ඒ අතරින් යාපනය නගරයේ පැවැතවෙන මැයි රැළිය සහ පෙළපාලිය අද අදැසන ආරම්භ වුණේ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන්. 

මේ අතර ආණ්ඩුවට එරෙහිව සහ ගාලු මුවදොර ජන අරගලයට සහය දක්වමින් දිවයිනේ ප්‍රධාන නගර රැසක අද දිනයේ ද විරෝධතා පැවැති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. ඇතැම් නගරවල කළුකොඩි ඔසවා තිබුණි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here