Friday, April 26, 2024

අද දහවල් 12 සිට සුරාසැල් වසා දමයි…

අද(01) මැයි පෙළපාලි ගමන් කරන මාර්ග සහ රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන් අලෙවිසැල් අද දහවල් 12 සිට දිනය අවසන් වනතෙක් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මැයි දින පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ග සහ රැස්වීම් පැවැත්වෙන ස්ථාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මගින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර, එම මාර්ග සහ රැස්වීම් භූමිය ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන් හල් සම්බන්ධයෙන් මෙම නියෝගය බලපැවැත්වෙනු ඇති අතර සුරාබදු කොමසාරිස් ජනරාල් මේ බව නිවේදනය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles