Sunday, September 22, 2024

මිය යාමට පැය කිහිපයකට පෙර ෂේන් වෝන් හමුවූ තරුණියන් කවුද ? වෝර්න් ගේ දේහය අද මෙල්බන් නුවරට

ඔිස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝර්න් ඔහුගේ කාමරයේ මිය යාමට පැය කිහිපයකට පෙර ෂේන් වෝර්න් නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී තායි නිවාඩු නිකේතනයෙන් සම්භාහනය කරන්නිය සිව් දෙනෙකු ගමන් කරන සීසීටීවී කැමරා දර්ශන දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රාදේශීය පොලිසියේ වාර්තාවක් උපුටා දක්වමින් මේ බව සදහන් කර තිබේ.

ෂේන් වෝන් හෘදයාබාධයකින් ඔහුගේ කාමරය තුළ මිය යාමට පැය දෙකකට පමණ පෙර මෙම සිද්ධිය සිදුව ඇත.

මිතුරන් පවසන්නේ 52 හැවිරිදි වෝර්න්, සිකුරාදා දහවල් ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ සිටි බවත් Koh Samui හි සුවිශේෂී Samujana Villa නිවාඩු නිකේතනයේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් වෝන්ව සම්බාහනය කර ඇති බවයි.

සිකුරාදා පස්වරු 1.53 ට කාන්තාවන් හතර දෙනෙකු නිවාඩු නිකේතනයට පැමිණෙන අයුරු සීසීටීවී දර්ශනවලින් ලබාගත් ඡායාරූප වලින් දැක්වේ. පොලිස් ආරංචි මාර්ග MailOnline මාධ්‍ය වෙත පවසා ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ කාමරයට පැමිණ ඇති බවයි.

පොලිසිය විශ්වාස කරනුයේ සම්බාහන ශිල්පීන් සිව් දෙනාම සවස 2.58 ට පිටව යන ආකාරය රූගත කිරීමට පෙර තවත් කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ මිතුරන් සමඟ පැය දෙකක් ගත කළ බවයි.

වෝර්න් සවස 5.15 ට ඔහුගේ කාමරයට ප්‍රතිචාර නොදක්වන බව මිතුරෙකු විසින් සොයා ගෙන තිබුනි. කාන්තාවන් නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් පැය දෙකයි මිනිත්තු 17 කට පසුව බවද අනාවරණය වේ.

වෝර්න්ගේ කාමරයට පැමිණි සම්බාහන ශිල්පීන් දෙදෙනා ඔහු ජීවතුන් අතර සිටියදී හමුවූ අවසන් පුද්ගලයින් බවට විශ්වාස කෙරේ.

අදාළ කාන්තාවන් හඳුනාගෙන තිබේද නැතහොත් පොලිසිය විසින් එම කාන්තාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇද්දැයි මෙතෙක් වාර්තා නොවන බවද සදහන් වේ.

ෂේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් වු පශ්චාත් මරණ පරීක්ෂණය තායිලන්තයේ පෞද්ගලික රෝහලක සිදු කර ඇති අතර තායිලන්ත පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අධිකරණ වෛද්‍යවරයෙකු විසින් නිගමනය කර ඇත්තේ ඔහුගේ මරණය ස්වාභාවික හේතූන් මත සිදුවුවක් බවය.

ෂේන් වෝන්ගේ මරණය ස්වභාවික හේතූන් මත සිදු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

පෙරේදා (06) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල ෂේන් වෝන්ගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දුන් බවයි තායිලන්ත ආරක්ෂක අංශ සඳහන් කළේ.

තායිලන්තයේ සංචාරක නිකේතනයක් තුළ මියගොස් සිටිය දී මෙම විශිෂ්ඨ පා දඟ පන්දු යවන්නාගේ සිරුර පසුගිය 04 වනදා සොයා ගැනුණා.

මේ වනවිට ෂේන් වෝන්ගේ මළ සිරුර සිය උපන් භූමියවන ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බැංකොක් සිට මෙල්බන් නුවර දක්වා දේහය ගෙන ඒමට නියමිතව ඇති බවයි තායි වාර්තා සඳහන් කළේ.

වෝන්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ඕස්ට්‍රේලියානු රජය මේ වනවිටත් තීරණය කර අවසන්ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles