මිල පාලනයට ඇමරිකාව ඉන්ධන සංචිත මුදා හරී

0
571
U.S. President Joe Biden delivers his first prime time address as president, marking the one-year anniversary of widespread shutdowns to combat the coronavirus disease (COVID-19) pandemic and speaking about the impact of the pandemic from the East Room of the White House in Washington, U.S., March 11, 2021. REUTERS/Tom Brenner - RC2E9M9N2826

ලෝක වෙළඳපළ වෙත හදිසි ඉන්ධන සංචිත මුදා හැරීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන තිබෙි. 

ජනාධිපතිවරයා පැවසුවේ වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි. 

ඒ අනුව ජෝ බයිඩ්න්ගේ නියෝගය පරිදි බලශක්ති දෙපාර්තමේන්තුව උපායමාර්ගික ඛනිජ තෙල් සංචිතයෙන් ඉන්ධන බැරල් මිලියන 50 ක් ලෝක වෙළඳපොල වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ධවල මන්දිරය නිවේදනය කළා.

වෙළඳපොල ඉලක්ක කර ඇමරිකාව සිදුකළ විශාලතම ඉන්ධන මුදා හැරීම මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ප්‍රධාන වශයෙන් ඉන්ධන භාවිත කරන රටවල් සමඟ සම්බන්ධීකරණය කිරීමෙන් අනතුරුව තෙල් සංචිත මුදා හැරීමේ තීරණයට එළඹනු බව ධවල මන්දිරය සඳහන් කළා.  

කෙසේවෙතත් ගෑස් මිල ඉහළ යාමේ ගැටළුවට එක රැයකින් විසඳුම් ගෙන ඒමට නොහැකි බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති වුවත්, වැඩි කාලයක් ගතවීමට පෙර ගෑස් මිල පිළිබඳ ගැටළුවට ද විසඳුම් ගෙන එන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here