මෙවර ලෝක රූ රැජින කිරුළ පෝලන්තයේ කැරොලිනාට.!

0
371

පුවටෝ රිකෝ රාජ්‍යයේ පැවති 70වන ලෝක රූ රැජින තරගාවලියේදී පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා (Karoline Bielawska) මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළ දිනා ගෙන තිබෙනවා.

ඒ අනුව පුවටෝ රිකෝ රාජ්‍යයේ සැන් ජුවාන් අගනුවරදී ඊයේ(16) 70වන ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වුණා.

එහිදී රටවල් 97ක තරගකාරියන් අතරින් කිරුළ හිමි කරගැනීමට සමත් වුයේ පෝලන්තයේ කැරොලිනා බියලොව්ස්කා ය.

පසුගිය වර ලෝක රූ රැජින ලෙස කිරුළු පැලඳූ ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං, ඇයට කිරුළ පැලඳවූවාය

23 හැවිරිදි වියේ පසුවන කැරොලිනා බියලොව්ස්කා (Karoline Bielawska) කලමනාකරණ පශ්චාත් උපාධිය හදාරමින් සිටින අතර නිරූපිකාවක් ලෙසත් කටයුතු කරනවා.

මෙවර ලෝක රූ රැජින තරගාවලියේ පළමු අනු ශූරතාව අමෙරිකාවේ ශ්‍රී සියැනි හිමිකර ගත්තාය. ඉන්දියානු සම්භවයක් සහිත ඇය මේ වනවිට 26 වැනි වියේ පසුවෙයි. මෙහිදී දෙවන අනු ශූරතාව හිමිවුණේ අයිවරි කෝස්ට් රාජ්‍යයේ ඔලිවියා යාසේට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here