Friday, September 20, 2024

මොළ හතේ මුදල් ඇමති පගා බද්දක් ගෙනල්ලා – ජනතාවට සහන නෑ ධනවතුන්ට සහන

මොල හතේ මුදල් ඇමති ලෙස පුරසාරම් දෙඩු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පගා බද්දක් ගෙනවිත් ඇති බව පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 08 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා

ඊයේ දවසේ පාර්ලිමේන්තුව විසින් මුදල් පනත සම්මත කරනු ලැබුවා. බැසිල් රාජපක්ෂ මොල හතක් තියෙනවා කියලා පුරසාරම් දොඩලා   ඒ මොල හතේ මුදල් ඇමති ඇවිල්ලා මුදල් ඇමති ලෙස වැඩ භාර ගත්තට පස්සේ ඉදිරිපත් කරපු පලවෙනි පනත.
 ඒක පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙන් සම්මත කරලා තියෙනවා. මේ පනත අනුව හෙළිදරව් නොකළ වත්කම තියෙනවා නම් රජයට ගෙවිය යුතු බදු මුදල් නොගෙවා පැහැර හැරලා තියෙනවා නම් ඒක අපරාධයක්. ඒ විදිහට හෙළි නොකර තබාගත් වත්කම් නීති විරෝධී වත්කම් නීත්‍යානුකුල කරගන්න අවස්ථාවක් සලසල දිල තියෙනවා. හෙළිදරව් නොකළ වත්කම් නොගෙවන ලද බදු මුදල් මේ පනත අනුව කොහේ හරි තැනක ආයෝජනය කරනවා නම් ඒ සඳහා 1% ක බද්දක් ගෙවීම ප්‍රමාණවත්. මේ සීයට එක කියන්නේ නිශ්චිතවම පගාවක් අනෙක් බදු වලට නම් දානවා වගේ මේ බද්දට නමක් දානවා නම් කියන්න වෙන්නේ පගා බද්දක්.


 මේක අල්ලසක් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කළ යුතුව තියෙනවා.

නීත්‍යානුකූල නොවන ලෙස සඟවා ගෙන තියෙන මුදල් සහ වත්කම් නීත්‍යානුකූල කරන ලෙස එහි වටිනාකමින් සීයට එකක අල්ලසක් රජය විසින් අය කරනු ලබනවා.
 ඊයෙ පාර්ලිමේන්තුව දෙවනත් වෙන්න බැසිල් රාජපක්ෂ කෑගැහුවේ මෙවැනි දේවල් ලෝකයේ අනිත් රටවලුත් කරනවා මෙවැනි දේ කරන්න යන්නේ රටේ මුදල් හිඟයක් තියෙනවා. මේක ආයෝජනයක්‌ කියලා කියනවා ආයෝජනයක් කියන්නේ මොකක්ද ආයෝජනය පැති දෙකකින් පැහැදිලි කරනවා. එකක් තමයි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම. ඒ සඳහා මුදල් යෙදවීම ක්‌ එහෙම නැතිනම් රැකියා අ වස්තා සඳහා වන මුදල් යෙදවීම ක්‌.


 එහෙම එකක් තමයි අපි ආයෝජනයක් කියලා කියන්නේ. නමුත් දැන් මේ සිද්ධ වෙන්නේ ආයෝජනයක් ද? මේකෙ තියෙන විදියට මේ සඟවන ලද මුදල් කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගන්න යෙදෙව්වු වොත් බැඳුම්කර මිලදී ගන්න යෙදෙව් වොත් එහෙමත් නැතිනම් කොහේ හරි තැනක ලංකාවේ හෝ විදේශයක ඉඩම් මිලදී ගන්න යෙදෙවූවොත් එහෙම මේකට අදාල සමාව ලැබෙනවා. මේකට ආයෝජනයක් කියලා කියන්නේ කොහොමද
 මේක නිශ්චිත වශයෙන් ගත්තොත් එහෙම මේක දැනටමත් රට ඇතුලෙ තියෙනවා. අහසේ පාවෙමින් තියෙන සල්ලි වගයක් ගෙනල්ලා මෙතනට දානවා නෙමෙයි. එහෙම නැතිනම් පොළොවේ වළලා තියෙන නිධානයක් වගේ සල්ලි ටිකක් ගෙනල්ල මෙතැනට දානවා නෙමෙයි. දැනටමත් මේවා කොටස් වෙළඳපොලේ අරෙහෙ මෙහෙ දේපළ මිලදී ගැනීම් සඳහායි සංසරණය වෙමින් තියෙන්නේ.
 ප්‍රශ්නය තියෙන්නේ දැවැන්ත  සමාගම් වලට ධන කුවේරයන්ට මේ විදිහට බදු සහන දෙනවා ජනතාවට අවම බදු සහනයක් හෝ දෙන්නේ නැතුව. දැනටමත් 2015 අවුරුද්දත් 2019 අවුරුද්දත් ගෙවුණු අවුරුදු පහක කාලසීමාව ඇතුලේ රුපියල් කෝටි හතළිස් එක්දාස් හාරසිය පහළවක  රජයට අයවිය යුතු බදු මුදලක් රජයට අය වුණේ නෑ කියලා විගණකාධිපති වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. 2020 අවුරුද්ද රුපියල් කෝටි දහ දහස් පන්සීයක බදු මුදලක් රජයට අය විය යුතුයි ඒක රජයට අය වෙලා නෑ කියලා පාර්ලිමේන්තු කෝප් කමිටුව රජයට වාර්තා කරලා තියෙනවා. මේ ගෙවිච්ච අවුරුදු හයට විතරක් රුපියල් කෝටි පනස් දහසකට අධික දැවැන්ත බදු මුදලක් රජයෙන් වංචා කරලා තියෙනවා මේ සමාගම්.


 ඒ වංචා කරලා තියෙන්නෙත් ඔවුන්ගෙ වත්කම් හරියට පෙන්නන්නෙ නැතුව වත්කම් වංචා කරලා ලාභය හොරෙන් පෙන්නලා එහෙම කරලා තමයි ඒ නියමිත බදු මුදල ගෙවලත් නෑ. කළ යුතුව තියෙන්නේ ඒවා වහාම අය කරගෙන ජනතාවට සහන සැලසීම. මේ වසංගතය සඳහා ඒ මුදල් උපයෝගී කර ගැනීම.
 මේ වංචාකරුවන් ගේ මුදල් නීත්‍යානුකූල කරවන්න කලු සල්ලි සුදු කරවන්න අලුතෙන් නීති සකස් කරල තියනව. ඒ වගේම අන්තිමට මේ සිද්ධ වෙන්නෙ මොකද්ද කියල බැලුවොත් එහෙම බදු ගෙවන්නෙ නැතුව වත්කම් සඟවලා වංචා කරපු වංචනිකයෝ ඉන්නවා ඒ හොරුන්ගෙන් මුදල් නැවත හොරාටම ලබා දෙනවා කමක් නෑ අපිට 1% ක පගාවක් දෙන්න කියලා. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles