මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගනියි

0
750

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ නීතිඥවරයා බව පැවසෙන කපිල ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අදාළ කාරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා මොහොමඩ් මුසම්මිල් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක්ද කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here