Monday, January 13, 2025

යල කන්නයේ වී හෙට සිට මිලට ගනී…

යල කන්නයේ වී මිලදී ගැනීමට හෙට(01) ආරම්භ කිරීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ ඒ යටතේ නාඩු වී කිලෝ 01ක් රුපියල් 50කටත්, සම්බා වී කිලෝ 01ක් රුපියල් 52 කටත් මිලදී ගන්නා බවය.

තෙත වී කිලෝ 01ක් රුපියල් 44 කට මිලදී ගැනීමට නියමිතය.

යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 5 ක වී වගා කර ඇති අතර ඉන් වී මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක අස්වැන්නක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේය.

යල කන්නයේ වී මිලදී ගැනීමෙන් පසු වෙළෙඳ අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම අදහස් පළ කළේ, අද
කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles