යාපනය ගැටුමේ හඳුනාගත් සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගිහින්..

0
316

යාපනය විශ්ව විද්‍යාලයේ ඉකුත් දා ඇති වූ ගැටුමේ හඳුනාගත් ඇතැම් සැකකරුවන් මේ වන විට ප‍්‍රදේශයෙන් පිට වී ගොස් ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ මෙම ගැටුමේ සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත්තේ මන්දැයි කොළඹ අද (20) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේ වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණ විය යුතු බවයි. පොලිසිය තව දුරටත් ඔවුන් සොයමින් ඇති හෙයින් නුදුරු දිනයකදීම එම පිරිස අත්අඩංගුවට පත්වෙනු ඇති බවත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here