Friday, May 17, 2024

පාසල් සිසුන් අතර දුම් පානය පහළට..

පාසල් සිසුන් අතර දුම් පානය පහළ ගොස් ඇත. මේ බව හෙළි වී ඇත්තේ, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දීප ව්‍යාප්තව කළ සමීක්ෂණයකිනි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ, 2011 වසරේ 8%ක්ව පැවැති පාසල් සිසුන් අතර දුම්පානය පසුගිය වසර වන විට 3%ක් දක්වා පහත වැටී ඇති බව ය.

වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ, වසය අවුරුදු 13ත් 16ත් අතර පාසල් සිසුන් 40,000ක් තවදුරටත් දුම්පානය කරන බව ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles