Wednesday, January 15, 2025

යාපනෙන් අස්වැන්න එයි. එළවළු මිල 40% කින් පහතට

යාපනයේ බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.

පසුගිය මාසයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බීට් රූට් කිලෝවක තොග මිල රුපියල් 350ක පැවති අතර අද දින වන විට  කිලෝවක තොග මිල රුපියල් 250 දක්වා පහත වැටී තිබේ.

ඊට සමගාමීව ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අනෙකුත් එළවළු වර්ගවල ද වැඩි වීම්ත් සමග එළවළු මිල 40%කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පෙන්වා දෙති.

පසු ගිය මාසයේ සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණු සෑම එළවළුවක්ම පාහේ කිලෝවක් රුපියල් 50 ත් 100 ත් අතර ප්‍රමාණයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles