Tuesday, September 24, 2024

යාල කලාපය ආශ්‍රිතව වූ භූ කම්පන තත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

යාල කලාපය ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ වාර්තා වූ භූ කම්පන තත්වය සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට නියමිත බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සඳහන් කරනවා.

ඊයේ රාත්‍රී 9:00 ට පමණ රිච්ටර් පරිමාණයේ ඒකක 2ක් ලෙස භූ කම්පනය වාර්තා වූ බවයි භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ.

ඊයේ දහවල් තවත් භූ කම්පනයක් බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයෙන් ඒකක 5 ට ඉහල අගයකින් වාර්තා වුණා.

මහනුවර, තලාතුඔය, අම්පිටිය යන ප්‍රදේශ වලද පසුගිය කාලයේ සුළු භූ කම්පන තත්වයන් වාර්තා වූ අතර පස් සාන්ද්‍රණ වල සිදුවන තෙරපීම් ඊට හේතු වී ඇති බවට මූලික විමර්ශණ වලදී අණාවරණ වී තිබෙනවා.

Colombo Times

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles