යුක්රේන අර්බුදය නිසා ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට අපායේ Interval එකක්

0
281

සඳුදා පැවැත්වීමට නියමිත ජිනිවා මානව හිමිකම් සමුළුවේ සමාප්ති සැසියේදී යුක්රේන අර්බුදය පිළිබඳව සංවාදයට කාලය වෙන් කිරීම නිසා ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ඉතා කෙටි කාලයකට සීමාකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ඒරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීම සැප්තැම්බර් සැසිය දක්වා කල් දැමෙන බවට ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීම සඳහා පිහිට වූ ජාත්‍යන්තර යාන්ත්‍රණයේ වාර්තාව සැප්තැම්බර් සැසිය මුල්කරගෙන ඉදිරිපත් කෙරෙන බවද වාර්තා වේ. ඒ් අතර මෙවර සැසියේදී ඉන්දියාව මහකොමසාරිස්ගේ වාර්තාව අනුමත කරමින් අදහස් දක්වා ඇති අතර ඉන්දියානු නිත්‍ය නියෝජියා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය 13 වැනි සංශා්ධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බව සහ පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here