යොවුන් පැරා පදක්කම් 11 ක් ශ්‍රී ලංකාවට

0
324

මෙවර ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙල බහරේනයේදී පැවැත්වෙනවා.

ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ පළමු දින තුන අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් 11 ක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව පිහිණුම් ඉසව්වලින්, පදක්කම් 4 ක් සහ සෙසු පදක්කම් 7 මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනාගෙන තිබෙනවා.

ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගලීනා බස්නායක පිහිණුම් ක්‍රීඩාවෙන් රන් පදක්කම් දෙකක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා.

එසේම කුලියාපිටිය සුරදූත බාලිකා විද්‍යාලයේ ජනනී වික්‍රමසිංහ මලල ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් හිමිකරගැනීමට සමත් වුණා.

මේ අතර කැකුනගොල්ල අරක්යාල මුස්ලිම් මහා විද්‍යාලයේ මොහොමඩ් සෆ්‍රාන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් හිමිකරගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here