Monday, May 6, 2024

ප්‍රියන්තගේ ඝාතනය සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට

පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඒ පන්ජාබ් පොලීසිය විසිනි.

ඝාතන සිද්ධියේ CCTV දර්ශන සහ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී එම සැකකරුවන් 8 දෙනා හඳුනාගෙන ඇති බව පකිස්තාන මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ඔවුන්ව අද ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වනවිට අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 34 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් 26 දෙනෙකු පසුගිය සඳුදා ත්‍රස්ත මර්දන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles