Sunday, May 19, 2024

චීන පොහොර නැව ලංකා මුහුදු සීමාවෙන් ඉවතට යද්දී චීන පොහොර සමාගමෙන් මහින්දානන්දට චෝදනාවක්

අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර තොගය රැගත් චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙි අතර චීනයෙන් මෙරටට ආනයනය කිරීමට සූදානම්ව සිටි ප්‍රශ්නගත චින්දාඕ සීවින් බයෝටෙක් ගෲප් සමාගමේ කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් එම චීන සමාගම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති අතර මේ පිළිබඳ බේරුම්කරණ කටයුතු ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට එම චීන සමාගම එකඟ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පැවසුවා.

එහෙත් චින්දාඕ සීවින් බයෝටෙක් ගෲප් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරිය වන ඇනා සොංග් ප්‍රකාශ කර ඇත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවයි. තමන් නියෝජනය කරන චින්දාඕ සමාගම දැනටමත් සිංගප්පූරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයක් හරහා ශ්‍රී ලංකා රජයට අයත් කොළඹ කමර්ශල් පොහොර සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ඉල්ලා තිබෙන බව ඇය කියනවා.

මෙම පොහොර තොගය ආනයනය සඳහා ඇතිකරගත් ගිවිසුම ශ්‍රී ලංකාව විසින් කඩකර ඇති බවට චීන සමාගම තර්ක කරන අතර ඔවුන් ඉල්ලා සිටින වන්දියට අදාළ පොහොර තොගයේ වටිනාකම, නැව් ගාස්තුව මෙන්ම පොළියක් ද ඇතුළත් වෙනවා. එමෙන්ම බේරුම්කරණය සඳහා යන මුදල ද ශ්‍රී ලංකාවෙන්ම අයකර ගතයුතු බවයි එම සමාගම පවසන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles