රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක

0
560

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පත්කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 

මෙයට පෙර එම තනතුර දැරූ නාලක කළුවැව මහතා ඉවත්ව යාමෙන් පුරප්පාඩු වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට මෙම පත්වීම සිදුකිරීමට නියමිතය.

මේ වනවිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරන මොහාන් සමරනායක මහතා මෙයට පෙර ජාතික රූපවාහිනියේ සභාපති ධුරය ඇතුළු උසස් තනතුරු ගණනක් දරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here