Sunday, May 19, 2024

පී.එච්.අයි.ලා විස පොල්තෙල් සොයන්න යයි

වෙළඳපොළේ ඇෆ්ලටොක්සින්  පිළිකාකාරක සහිත පොල්තෙල් තිබේදැයි සොයාබැලීම සඳහා රසායනාගාර පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව වෙළඳපොළේ ස්ථාන සීයකින් ලබාගන්නා පොල්තෙල් සාම්පල සීයක් සෞඛ්‍ය අමාත්‍යංශය හරහා රජයේ රස පරීක්ෂකවරයාට යොමුකළ බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

එහෙත් අදාළ සාම්පලවල නිගමනයන් ලබා ගැනීමට මාසයක කාලයක් ගතවන බවත් යම් හෙයකින් පිළිකාරක අඩංගු පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී ඇත්නම් ඒවා ජනතාවට ආහාරයට ගැනීමේ අවදානමක් මතුවී ඇති බවත් ඒ මහතා පැවසීය. අදාළ පරීක්ෂණ සඳහා මාසයක කාලයක් ගතවන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා ඊට අදාළ ඉහළ පහසුකම් නොමැති වීම නිසා බවද හෙතෙම පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles