රජයේ විධායක නිලධාරීන් අද සංකේත වර්ජනයක

0
320

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් දීපව්‍යාප්ත හා සමාන්තර සේවාවල වෘත්තිය සමිති 17ක් වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝෙණය කරමින් තෝරාගත් සේවාවන් කිහිපයක් සඳහා පමණක් වැටුප් හා දීමනා ලබාදීම, උසස්වීම් ක්‍රමවේදයේ විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට වහා විසඳුම් ලබා දෙන්නැයි, බල කරමින් අද (10) සංකේත වැඩවර්ජනයක නිරත වේ.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය , රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , දේශීය ආදායම් වෘත්තිය සංගම් එකමුතුව , කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමය සහ අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගම් එකමුතුව ඇතුළු වෘත්තිය සමිති 17 ක් මෙම වැඩවර්ජනයට එක වී තිබේ.

කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (10) උදෑසන 10 ට විරෝධතාවයක ද නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here