Friday, May 17, 2024

පුටින් හිට්ලර් අභිබවා යයි. යුක්රේනයේ ළමයින් හා මව්වරුන් සිටින රෝහලකට රොකට් ප්‍රහාර එල්ල කරයි.

දකුණු දිග යුක්රේනයේ මරියුපෝල් නගරයේ පිහිටි ළමා සහ මාතෘ රෝහලක් වෙත එල්ල වූ රුසියානු රොකට් ප්‍රහාරයකින් ඊට බරපතල හානි සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ රුසියානු රොකට් ප්‍රහාර හේතුවෙන් රෝහලට බරපතළ හානි සිදුව ඇති බවයි.

මේ වන විට ලැබී ඇති වාර්තා අනුව ප්‍රහාරයෙන් කාර්ය මණ්ඩලයේ රෝහල් සේවකයින් , මව්වරුන් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් ගණන මිට වඩා ඉහල යාමේ හැකියාවක් පවතින බව සහන සේවකයින් සඳහන් කර සිටී.

මෙම ප්‍රහාරයෙන් කිසිදු මරණයක් වාර්තා වී නැති බව මැරියුපෝල් නගරයේ පරිපාලන ප්‍රධානී Pavlo Kyrylenko තහවුරු කරයි.

කෙසේ වුවත් තුවාලකරුවන් ගණන මීට වඩා ඉහල යාමේ හැකියාවක් පවතින බවයි සහන සේවකයින් සඳහන් කර සිටින්නේ.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky නිවේදනයක් නිකුත් කරමින් රුසියාව විසින් රෝහලක් ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරය හෙළා දැක ඇති අතර බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් වලට ළමුන් යටවී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයද, රුසියාව විසින් රෝහලක් ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරය හෙළා දැක තිබෙි.

යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ  මෙය යුද අපරාධයක් බවයි. කෙසේ වෙතත් පසුගිය සති දෙකක කාලය තුළ අවම වශයෙන් ළමුන් 37 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.

මෙම රුසියානු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවලින් බරපතල ලෙස විවේචනයන් එල්ල වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

එමෙන්ම බටහිර රටවල් රැසක්ද මෙම රුසියානු ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කර තිබෙනවා.

මේ අතර රුසියානු සහ යුක්රේන විදේශ අමාත්‍යවරුන් අතර නිල සාකච්ඡාවක් තුර්කියේදී අද පැවැත්වෙනවා.

තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් අඩවොන් සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර දුරකථන සංවාදයක්ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඩොලර් බිලියන 1.4 ක හදිසි ණය මුදලක් අනුමත කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles