රජය භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කරයි….! – සම්පූර්ණ ලැයිස්තුව….

0
870

කොවිඩ් අර්බුදය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ආනයන සීමා කිරීමට පසුගිය රජය කටයුතු කළ අතර ඉන් ඩොලර් සංචිතය පියවා ගැනීම අපේක්ෂාව වුණා. නමුත් වසරකට පසුව රජය ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු 300කට අධික භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 

HS  286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර තිබේ.

2023 ජූනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here