Sunday, May 5, 2024

ශ්‍රී ලංකා පිළ දශක ගණනාවකට පසු බිංදුවෙන් පටන් ගන්නට යයි…

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලු‍යම කටුනායක ගුවන් තොටුපොළෙන් සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියා.

අලු‍යම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් ඩුබායි බලා පිටත්ව ගිය අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම් සමග පෙර පුහුණු වීමේ තරග දෙකකට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවා.

 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතයි. සිම්බාබ්වේ රාජ්‍යයේ බුලවායෝ සහ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන  පළමු පුහුණු තරගය නෙදර්ලන්ත කණ්ඩායම සමග ලබන 13 වනදා පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පළමුව තරග වැදීමට නියමිතව තිබෙනවා.

එම තරගය ලබන 19 වනදා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේදී ශූරතාව සහා අනුශූරතාව හිමි කර ගන්නා කණ්ඩායම් දෙකට 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමි වනවා.

ඊට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දිමුත් කරුණාරත්න, මතීෂ පතිරණ සහ දුෂාන් හේමන්ත ද ඇතුළත්. 

මීට අමතරව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම පිතිකරුවන් ලෙස

වනිදු හසරංග සහ මහීෂ් තීක්ෂණ සංචිතයේ සිටින දග පන්දු යවන්නන්.

චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත  සහ ළහිරු කුමාර සංචිතයට ඇතුළත් වේගපන්දු යවන්නන් වනවා.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles