Wednesday, January 22, 2025

රටම අඳුරේ සිටියදී ලංවිමට එක්කෝටි විසි ලක්ෂයක හිඟ මුදලක් ගෙවූ කැබිනට් ඇමති මෙන්න

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කිරුළපන සරණ පාරේ පිහිටි නිවසේ හිඟ විදුලි බිල වන රුපියල් 12,056,803.38 විදුලි බිල ගෙවන ලෙසට දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා විසින් අදාළ හිඟ මුදල් ගෙවිය යුතුව ඇත්තේ, 2015 පෙබරවාරි මාසයේ සිට පරිභෝජනය කරන ලද විදුලිබලය සඳහා බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.

මෙම හිඟ මුදල පිළිබඳ අවස්ථා ගණනාවක දී අමාත්‍යවරයා දැනුවත් කර තිබුණ ද මේ දක්වා එම මුදල පියවීමට අමාත්‍යවරයා කටයුතු කර නැහැ.

අවසන් වරට ලං.වි.ම නිලධාරීන් 2021 දෙසැම්බර් 22 දින අමාත්‍යවරයාගේ නිවසට ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් ඔහුගේ බිරිඳ සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍යවරයා වෙත යොමු කර ඇති සිහි කැඳවීමේ ලිපියේ දැක්වෙන්නේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ ගෙවී ගිය වසර 7ට අදාළ විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සවිස්තර වාර්තාවක් ද භාර දී තිබුණා.

එම සංඛ්‍යා දත්ත අනුව අමාත්‍යවරයා සහ පවුලේ උදවිය රැදී සිටි නිවසේ එක් මසකට විදුලි බිල ආසන්න වශයෙන් රුපියල් එක් ලක්ෂ හැට හත්දහස් හාරසිය පනස් පහක් (167455.60)කි.

ඉන් අනතුරු ව මෙම සියලු කරුණු සඳහන් කරමින් 2022 ජනවාරි 11 වැනි දින අමාත්‍යවරයාට ලිපියක් යවා ඇතත් තවමත් බිල්පත් පියවා දැමීම සඳහා අමාත්‍යවරයා කටයුතු කර නොමැති බව වාර්තා වෙයි.

2015 පෙබරවාරි මාසයේ සිට මෙම නිවසට  ලබාදුන් විදුලි සැපයුම වෙනුවෙන් ගෙවිය යුතු වූ බිලපත් ගෙවා නැතැයි විදුලි බල මණඩලය ප්‍රකාශ කරයි.

නියමිත මුදල කඩිනමින් පියවන ලෙසට අමාත්‍යවරයාගෙන් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.

එම ලිපිය පහතින්

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles